ලංකා විදුලිබල මණ්ඩලයේ 48 වන සංවත්සරය 2017 නොවැම්බර් මස 01 වන දින සමරනු ලැබීය.
වර්ෂ 1969 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලද ලංකා විදුලිබල මණ්ඩලය, වසර 48 ක් පුරාවට සිය ශ්‍රම බලකාය හා තාක්ෂණික විශේෂඥ දැනුම තුළින් ශ්‍රී ලංකාව ඒකාලෝක කිරීමේ අභිමානවත් කාර්යභාරයෙහි යෙදී සිටියි. විදුලි බලය මගින් සසිරිමත් දිවියක් යන දැක්ම හා මූලික සමාජයීය අගයන් පෙරදැරි කොටගෙන, මුළු ශ්‍රී ලංකාවටම විදුලිය සැපයුම කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකාවේ සමස්ත විදුලිකරණය 99.4%ක් දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ 48 වන සංවත්සරය සැමරීම පිණිස විශේෂ උත්සවයක් ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ දී පැවැත්වුණු අතර මේ සඳහා සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා, සාමාන්‍යධිකාරී ඒ. කේ. සමරසිංහ මහතා, අතිරේක සාමාන්‍යධිකාරී වරුන්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරුන් ඇතුළු සේවක සේවකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී විය. මෙදින ලංකා විදුලිබල මණ්ඩලයේ පළාත් කාර්යාල, විදුලි බලාගාර, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල මෙන්ම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වලද මීට සමගාමීව සැමරුම් උත්සව සංවිධානය කරන ලදී.