Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක දිනය

$
0
0

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක් 2017-29-07 දින, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ කේ සමරසිංහ මහතා හා තවත් නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන්, ලංකා විදුලිබල මණ්ඩලයීය ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.
මෙම අවස්ථාවේදී, මීතොටමුල්ල කසල කන්ද නාය යෑම හා දිවයින පුරා ඇතිවූ ගංවතුර තත්ත්වයන් යන ආපදා හමුවේ විදුලි පාරිභෝගික ජනතාව වෙත අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් දිවි නොතකා කැපවූ ලංවිම සේවක මහතුන්ගේ සේවය ඇගයීමක් වශයෙන් අමාත්‍ය සියඹලාපිටිය මහතා අතින් සහතිකපත් පිරිනැමීමක් සිදුකෙරිනි. මෙසේ ඇගයීමට ලක්වූයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා සිට පුහුණුවන කාර්මික සේවකයා දක්වා දිවි නොතකා ගෙනගිය සාමුහික ක‍්‍රියාදාමය බවත් ජනතාව වෙනුවෙන්, පාරිභෝගිකයා වෙනුවෙන්, මණ්ඩලයේ කීර්තිනාමය වෙනුවෙන් එක කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීම සියල්ලන්ගේම යුතුකම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මින් අනතුරුව, සේවකයින්ගේ දුක්ගැනිවිලි වලට ඇහුම්කන් දීමක් සිදු වූ අතර මේ සඳහා විශාල සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වූහ.
06


Viewing all articles
Browse latest Browse all 86