මුළු මහත් දිවයිනටම විදුලිය සපයන්නා වන ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම), රටේ සෑම පුරවැසියෙකුටම සමීප විය යුතුය. පාරිභෝගිකයා හා ලංවිම අතර ඇති සුහදතාවයේ අත්වැල වනුයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන්ය. සමාජයේ සංවර්ධනයත් සමඟ දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අපේක්ෂා හා වුවමනා සපුරාලනු වස්, ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන්හි ක්‍රියාකාරිත්වය හා ගුණාත්මක බව මැනීමේ ම්නුමි ක්‍රමයක් යෝජනා වී ඇති අතර, එහි මූලික සාකච්චා 2017 මැයි මස 18 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.
යෝජිත මිනුම් ක්‍රමය අංශ ගණනාවක ගුණාත්මක බව ඵලෝත්පාදතව මැන බලන්නා වූ ක්‍රමයක් වන අතර, තාක්ෂණික අංශය, පාරිභෝගික සේවා, ඵලදායීතාව ඉන් සමහරක්ය.
යම් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් හට මෙම ම්නුමි ක්‍රමය යටතේ ලබා දෙන්නා වූ මිනුම, සීමිත කාලයක් දක්වා වලංගු වන අතර එය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය තුළ ප්‍රදර්ශනය කළ යුතු වේ.
පළමු වසර ඇතුළත අවම මිනුම ලබා ගැනීම සෑම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකම වගකීම වන අතර යම් හෙයකින් එම මිනුම ලබා ගත නොහැකි වේ නම්, මීළඟ වසර ඇතුළත එය ලබා ගත යුතු වේ. මේ සඳහා සියලුම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන්හි සහභාගිත්වය අනිවාර්ය වේ.
පාරිභෝගිකයා හට උපරිම සේවාවක් ලබාදීම අරමුණු කොට ගෙන සැලැස්වුණු මෙම ක්‍රමය ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ගුණාත්මක බවින් ඉහළ තළයකට රැගෙන යනු ඇත.
↧
ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන්හි ගුණාත්මක බව මැනීම සඳහා ම්නුමි ක්‍රමයක්
↧