පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගංවතුර නිසා හටගත් හදිසි ආපදා තත්ත්වය හමුවේ, මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන්ගෙන් 625,000 පමණ පිරිසකගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරීමට ලංවිමට සිදුවිය. එනමුත් එම තත්ත්වය පහව යාමත් සමග ලංවීම සියලු නිළධාරීන්ගේ සහ සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම මත 80% ක පමණ පිරිස වෙත අවශ්‍ය පරිදි විදුලි මාර්ග පිළිසකර කර යලි විදුලි සැපයුම ලබා දීමට ලංවිමට හැකිවිය.
ලංවිම අප මෙම ආපදාවන්ට ලක් වූ පිරිස වෙත විශේෂ සහන පැකේජ ප්‍රකාශයට පත් කලෙමු. විදුලි රැහැන් හා විදුලි මීටර ආපදාවන්ට ලක් වී ඇත්නම් ඒවා ගාස්තු අය කිරීමකින් තොරව නැවත ලබා දීමටත්, නිවාස මුළුමනින්ම විනාශ වූ පිරිස් නැවැත පදිංචි කිරීමේදී නව විදුලි සම්බන්ධතාවයන් නොමිලේ ලබා දීමටත්, පසුගිය හිඟ බිල් පත් නොසලකා හැරීමටත්, අවතැන් වීම් නිසා රජය මගින් ලබා දුන් තාවකාලික නිවාස වලට විදුලි බල්බ 1 – 2 හා විදුලි පේනුවකින් සමන්විතව, මාස 6ක උපරිමයකට යටත්ව නොමිලේ විදුලිය සැපයීමටත්, කුඩා ව්‍යාපාර හා කර්මාන්ත වලට ඔවුන්ගේ හිඟ වාරික බිල්පත් වාරික ලෙස ගෙවීමට මාස 06ක සහන කාල සීමාවක් ලබා දීමත් ආදී සහන රැසක් ප්‍රකාශයට පත් කරණු ලැබීය.
ආපදාවන්ට ලක් වූ මහජනතාවගේ හදිසි විදුලි අවශ්‍යතාවයන් හෝ ඔවුනගේ විදුලි ආරක්ෂාව වෙනුවෙන් 0113030303 දුරකතන අංකය පැය 24 පුරාවටම ජනතාවට ලංවිම හා සම්බන්ධ වීමට ක්‍රියාත්මකව ඇත.
ආපදාවටපත් ප්‍රදේශ අතර ගාල්ල මාතර රත්නපුර පිහිටි ලංවිම කාර්යාල රැසක් ජලයෙන් යටවූ අතර මාතර ප්‍රදේශයේ ලංවිම ග්‍රිඩ් උපපොලට දැඩි අලාභහානි සිදුවී ඇත.
මේ වන තෙක් සමහර ප්‍රදේශ වල ජලය බැසගොස් නොතිබීම දැනට පවතින ප්‍රධානතම ගැටලුව වන අතර ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශ සදහා විදුලිය ලබා දීම ප්‍රමාද කිරීමට සිදුව ඇත. ඒ අනුව එම ප්‍රදේශවල අවදානම් තත්ත්වය පහව ගිය පසු එම ප්‍රදේශ කරා ළගාවීමට හැකියාවක් ඇති පළමු පැය තුල මෙම ආපදාවන්ට ලක් වූ ජනතාව සදහා විදුලිය නැවත ලබා දීමට ලංවිම අප ක්‍රියාත්මකවී සිටිමු.
තවද කාළගුණික තත්ත්වය යහපත් වුවහොත් ඉදිරි දින 03 ඇතුලත අපගේ සැපයුම් සියල්ල යථා තත්ත්වයට පත්කිරීමට ලංවිම අප බලාපොරොත්තු වෙමු.
↧
ආපදාවන්ට ලක් වූ විදුලි පාරිභෝගිකයන් සඳහා සහන වැඩපිළිවෙල
↧