තිරසාර සංවර්ධන ඉලක්කයන්‚ පුනර්ජනනීය බලශක්තීන්‚ විදුලි ඉල්ලුම් කළමනාකරණය‚ විදුලි ජනනය‚ බලශක්තීන් හා කාලගුණ‚ බලශක්ති සංවර්ධන ව්‍යාපෘති ආදී තේමාවන් පදනම් කරගනිමින්‚ “තිරසාර යුගයක් 2017” ජාතික ප්‍රර්ශනය‚ රජයේ මූලිකත්වයෙන් 2017 මාර්තු 31 සින සිට 2017 අප්‍රේල් 4 දින දක්වා බණ්ඩාරානායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණි. මෙම ප්‍රර්ශනයේ‚ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉඳිරිපත් කෙරුණු ප්‍රදර්ශන කුටිය නැරඹීමට පාසල් ළමුන් මෙන්ම වැඩිහිටි ප්‍රජාවද උනන්දුවක් දැක්වීම කැපී පෙනුණි.
විදුලිබල ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම නව විදුලි සංවර්ධන ව්‍යාපෘති වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ව්‍යාපෘතිය‚ විදුලි හානිය අවම කරගැනීමේ උපක්‍රම‚ විදුලි මෝටර් රථ ආරෝපණ ක්‍රම හා මධ්‍යස්ථාන‚ smart card හා රටේ විදුලිකරණයේ ප්‍රගතිය (99.7%) පිළිබඳ තොරතුරු සොයා බැලීමට පැමිණි සියල්ලෝ උනන්දු වූහ.
එම ප්‍රර්ශනයේදී නොරොච්චෝල බලාගාරයේ හා බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ආදර්ශක සමඟින් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කරන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ.