ලංකා විදුලිබල මණ්ඩලය‚ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව මෙහෙයවනු ලැබූ අන්තර් පාඨශාලයීය දැනුම මිනුම තරඟාවලියේ 2015_16 අවසාන මහා තරඟ හා සම්මාන උත්සවය 2017 පෙබරවාරි මස 16 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයෙහි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. සිංහල අංශයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් ජය ලබා ගත් අතර දෙමළ අංශයෙන් කරවෙඩ්ඩි යා/විග්නේස්වර විද්‍යාලය ජයග්‍රණය කරනු ලැබීය. මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලය සහ උකුවෙල අජ්මීර් ජාතික පාසල දෙවන ස්ථානය දිනා ගත්හ.
ලංකා විදුලිබල මණ්ඩලය‚ අන්තර් පාඨශාලීය අවසාන දැනුම මිනුම මහා තරඟාවලිය සඳහා අනුග්‍රහය දක්වන ලද අතර මෙය පැවැත්වීමෙහි අරමුණ වූයේ විදුලි උත්පාදනය/ සම්ප්‍රේෂණය/ බෙදා හැරීම‚ බලශක්ති සංරක්ෂණය‚ විදුලිය සම්බන්ධ මූලික දැනුම ආදීන්ට අදාළව පාසල් ළමුන්ගේ දැනුම වැඩිදියුණු කිරීමයි. 2015-16 තරඟාවලියට සිංහල මාධ්‍යයෙන් දිස්ත්‍රික්ක 9න් පාසල් 88ක් තරඟ කළ අතර දෙමළ මාධ්‍යයෙන් පාසල් 99ක් තරඟ කළහ. තරඟාවලිය ප්‍රචාරය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවය (89.6‚ 89.8 MHz) මගින් ඉරිදා දිනයන්හි සවස 6.30ට සහ දෙමළ තෙන්ඩ්‍රල් සේවාවෙන් (104.7‚ 104.9 MHz) සෙනසුරාදා දිනයන්හි සවස 6.30 ටය.
මෙම දැනුම මිනුම තරඟාවලිය මුලින්ම ආරම්භ කරන ලද්දේ 2014 දීය. එය අදියර දෙකකින් පවත්වනු ලැබූ අතර සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම 2016 අවසාන වන විට මුළු ලංකාවම පාහේ ආවරණය විය. පළමු අදියරේ සම්මාන උත්සවය 2014 දී පවත්වනු ලැබීය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පූර්ණ අනුග්‍රයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. අවසාන තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් වටිනා පරිගණක ත්‍යාග වශයෙන් පිරිනමනු ලැබීය. අවසන් පූර්ව හා අර්ධ අවසන් පූර්ව තරඟවලට සහභාගී වූ පාසල් සඳහා ද වටිනා තෑගි ලබා දෙන ලදී. එමෙන්ම ප්‍රාථමික වටයන්හි සහභාගී වුණු සිසු සිසුවියන් ධෛර්යමත් කිරීමට ඊට උචිත ත්‍යාග පිරිනමනු ලැබිය.