Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ලංවිම විසින් පවත්වන ලද සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලිය

$
0
0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වන ලද සිතුවම් නිර්මාණ තරඟාවලියේ අවසන් වටයේ තරඟ, 02-07-2017 දින දිවයින පුරා පාසැල් ගණනාවක සිසුහු 160ක පමණ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම තරඟාවලිය ‘විදුලිබල සංරක්ෂණය හා කාර්යක්ෂම විදුලි භාවිතය’ තේමාව යටතේ පැවැත්වුණි,
සිතුවම් නිර්මාණ තරඟය, 6 – 8 ශ්‍රේණි, 9 – 11 ශ්‍රේණි, 12 – 13 ශ්‍රේණි යන කාණ්ඩ තුන යටතේ පැවැත්වුණු අතර, අවසාන වටය සඳහා සියළු දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ජයග්‍රහයකයින් සහභාගී විය. පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා සහතිකපත් සමඟ මුදල් ත්‍යාග ලබා දෙන අතර සතර වන ස්ථානය සිට දස වන ස්ථානය තෙක් වටිනා සහතිකපත් පිරිනැමෙනු ඇත.
නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලිය විවෘත තරඟයක් වූ අතර 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සියල්ලන් හට ඒ සඳහා සහභාගී විය හැකි විය. දිස්ත්‍රික් මට්ටමේ හොඳම නිර්මාණ 5 සඳහා මුදල් ත්‍යාග සහ වටිනා සහතිකපත් පිරිනැමේ.
මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ දුවා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා ඇගයීම සඳහා උත්කර්ෂවත් සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති අතර, එය අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයත් සමඟ සැප්තැම්බර් මස මුල බාගයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටි වැකි තරඟාවලියේ ප්‍රතිඵල නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කෙරේ.

”DSC_2993″


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles