Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

අතිරේක සාමාන්‍යාධිකාරී බෙදාහැරීම් අංශ 04 හි ප්‍රධාන කාර්යාලය සඳහා මංගල පස් පිඩැල්ල කැපීම

$
0
0

ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරී බෙදාහැරීම් අංශ 04 ප්‍රධාන කාර්යාලය ඉදිකිරීම සඳහා මංගල පස් පිඩැල්ල කැපීම 2017 ජූනි මස 15 දින අංක 25, නගරසභා පටුමග, දෙහිවල යන ස්ථානයේදි ඉතා උත්කර්ෂවත් අන්දමෙන් සිදු කෙරුණි. මෙම ඉදිකිරීම සඳහා වැට් රහිත වියදම රු. මිලියන 466 වන අතර 2019-02-02 දින ව්‍යාපෘතිය නිම වීමට නියමිතය. දැනට කුලී ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන මෙම කාර්යාලය මෙම නව ගොඩනැඟිල්ලට ගෙන යනු ඇත. බෙදාහැරීම් අංශ 04ට සමිබන්ධ පරිශ්‍රයේ ජනතාවට ලබා දෙන සේවය කාර්යක්ෂම හා වැඩිදියුණු කිරීමට මේ මඟින් බලාපොරොත්තු වේ.
විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මංගල පස් පිඩැල්ල කැපීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක, විදුලිබල මණ්ඩලයේ උප සභාපති ගාමිණි වනසේකර, ලංවිම ඉංජිනේරු සාමාන්‍යාධිකාරී ඒ කේ සමරසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශ 01) ඉංජිනේරු චූලනී පෙරේරා, අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශ 04) ඉංජිනේරු ඩී.ඩී.කේ. කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බස්නාහිර පලාත් දකුණ 1 ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න, ප්‍රධාන ඉංජිනේරු – දෙහිවල සෞම්‍ය කුමාරවඩු, දෙහිවල නාගරික කොමසාරිස් ධම්මික මුතුගල යන මහතුන් එක් වූහ.

DSC_0546

DSC_0505

DSC_0483


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles