Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

ජනාධිපතිතුමන් අතින් නව සේවකයින්ට පත්වීම් ලිපි

$
0
0

ගරු ජනාධිපතිතුමා විසින් මිනිස්බල සේවකයන් හා මනුකියවීම් කොන්ත්‍රාත් සමාගම් සේවකයන් 3800 කට පමණ 2016-10-18 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පැවති විචිත්‍රවත් උත්සවයකදී ලංකා විදුලිබල මණඩලයේ පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති ගරු රංජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදුලිබල හා පුනර්ජනනී බලශක්ති නියෝජ්‍ය ඇමති ගරු අජිත් පී පෙරේරා, ගරු නලීන් බණ්ඩාර හා අශු මාරසිංහ යන  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, කඩුවෙල ප්‍රාදේශීය සභාවේ  හිටපු සභාපති ජී.එච්. බුද්ධදාස, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංවිම සභාපති අනුර විජේපාල, ලංවිම සාමාන්‍යාධිකාරී යමුනා සමරසිංහ යන මහත්ම මහත්මීන්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගී වුහ.


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles