ජාතික විදුලිබල පද්ධතියට අතිශය වැදගත්කමක් ඇති මාවුස්සාකැලේ ජලාශය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක්, ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය හා එහි ආරක්ෂක අංශ විසින් 2018 අගෝස්තු මස 20 වන දින සංවිධානය කරන ලදී. මාවුස්සාකැලේ ජලාශයෙහි පාවෙමින් තිබූ ප්ලාස්ටික් බොතල් ඇතුළු දිරා නොයන ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙහිදී ඉවත් කරන ලදී.
ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩී. ජී. එස්. ගුණසේකර මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම සත්ක්‍රියාව සඳහා, කැන්යොන් ජලවිදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරු පුබුදු ආරියදාස, සිවිල් ඉංජිනේරු එම්. ඩී. ඊ. ඉරෝෂ්, මාවුස්සාකැලේ ජලාශයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නිමල් ජයවීර, නියෝජ්‍ය ආරක්ෂක නිලධාරී රන්ජිත් දසනායක යන මහත්වරුන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය මේ සඳහා එක් විය.
Image may be NSFW.
Clik here to view.