Quantcast
Channel: CEB » CEB
Viewing all articles
Browse latest Browse all 86

විදුලි වාසනා ත්‍යාග ප්‍රදානෝත්සවය

$
0
0

විදුලි වාසනා බලශක්ති සුරක්ෂිතතා තරඟයේ ජයග්‍රහකයින්ට ත්‍යාග පිරිනැමේ.

ශ්‍රී ලංකාව තුළ විදුලිය නිපදවනු ලබන්නේ, ජලය, පොසිල ඉන්ධන, සුළං බලය, සූර්ය බලය හා ජීවවායු යන බලශක්ති මූලාශ්‍රයන් මගිනි. විවිධ කාලවකවානුවල පවතින කාලගුණික හා වෙනත් තත්වයන් මත මේවාහි භාවිත අනුපාතයන් වෙනස් විය හැක. එහෙත් බොහෝවිට,විදුලි උත්පාදනය සඳහා  වැඩි වශයෙන් භාවිතා කරන්නේ පොසිල ඉන්ධන ය. රටට අවශ්‍ය කරන සියළු පොසිල ඉන්ධන වර්ග ආනයනය කරනු ලබන අතර, ඒවා හරිතාගාර වායු නිෂ්පාදනයට ද බලපායි. මේ නිසා, කාර්යක්ෂම බලශක්ති භාවිතය හෝ බලශක්ති සුරක්ෂිතභාවය  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වන අතර, මේ පිළිබඳව කර්මාන්ත, වානිජ, ගෘහස්ථ හා අනෙකුත් ක්ෂේත්‍රයන්ට අයත් සියළු ශ්‍රී ලාංකිකයන් තුළ දැනුවත් භාවයක් ඇතිකරලීම ද වැදගත් ය.

පවතින මෙම පසුබිම මත, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝගිකයන් අතර, “විදුලි වාසනා” නමින් බලශක්ති සුරක්ෂිත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක්,  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආරමිභ කර ඇත.  මෙම වැඩසටහන අප්‍රේල් මාසයට බලපාන පරිදි ආරමිභ කරන ලද්දේ, මාර්තු මාසයේ දීය. මේ අනුව,  ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා බලශක්ති සුරැකීම පිළිබඳ විදුලි වාසනා තරගය 2016 අප්‍රේල් මස සිට ඇරඹුනි. මෙම තරගයට අනුව, ගෘහස්ථ පාරිභෝගිකයින්, 2016 මාර්තු මස විදුලි භාවිතයට සාපේක්ෂව, තම ඉදිරි විදුලි බිල අවම වශයෙන් 10% කින් අඩු කර පෙන්විය යුතුය.

මෙම තරගයට සහභාගී වීමට බලාපොරොත්තු වන ගෘහස්ථ පාරිභෝගිකයින්, පළමුව තරගය සඳහා ලියාපදිංචි විය යුතුව ඇත. තම විදුලි බිලේ මාසික පරිභෝජනය (ඒකක/කිලෝවොට්පැය ගණන) 10% කට වඩා අඩුකර ගැනීමෙන් මෙම තරගය සඳහා සුදුසුකම් ලබාගන්නා ලද පාරිභෝගිකයින් අතරින්, ජයග්‍රාහකයින් 6000 ක් තෝරා ගැනීම සඳහා ලොතරැයියක් පවත්වන ලදි. එම ජයග්‍රාහකයන්ගේ 2016 අප්‍රේල් මාසයේ විදුලි බිලේ සටහන්ව ඇති මුදලට සමාන මුදලක්, පළමු ජයග්‍රාහකයන් 1000 දෙනාට හිමිවන අතර, අනෙකුත් ජයග්‍රාහකයන් 5000 දෙනාට, 2016 අප්‍රේල් මස තම විදුලිබිලේ සටහන්ව ඇති මුදලින් භාගයකට සමාන මුදලක් ත්‍යාග වශයෙන් හිමිවනු ඇත.

තෝරාගත් ජයග්‍රාහකයන් කොටසක් සඳහා  ත්‍යාග ප්‍රදානෝත්සවය හා අභිනන්දන උළෙල 2016 ජූලි මස 13 වන දින,  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍යය අජිත් පී. පෙරේරා යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ලංවිම පර්යේෂණ හා සංවර්ධන ශාඛාවේදී පැවත්විය.

ලංකා විදුලි (පෞද්ගලික) සමාගම යටතේ පාලනය වන ප්‍රදේශයන්හි විදුලි පාරිභෝගිකයන් උදෙසා ද මෙම තරගය පවත්වන ලද අතර, මෙහිදී එම ප්‍රදේශයන්හි පාරිභෝගිකයන් කොටසක් සඳහා  තිළිණ ප්‍රදානය කිරීම සිදුවිය. 


Viewing all articles
Browse latest Browse all 86

Trending Articles