2019 අප්‍රේල් 19 දින පස්වරුවේ කොළඹ නගරයේ සමහර ප්‍රදේශ වල ( කොළඹ 2,3) විදුලිය බිදවැටුම පිළිබඳ සමහර මාධ්‍ය වල වැරදි ආකාරයේ පලවූ වාර්තා පිළිබඳ යථා තත්ත්වය පැහැදිලි කිරීමට ලංවිම අදහස් කරයි.
එදින ප.ව. 3.27ට කොලොන්නාව ග්‍රිඩ් උපපොලේ සිට කොළඹ E – කොටුමා උපපොල දක්වා විදුලිය සපයන 132kV භූගත කේබලය ස්වයංක්‍රීයව කොලොන්නාව උපපොලෙන් වෙන්විය. ඒ අනුව කොළඹ E හා F කොටුමා උපපොලවල් වලින් විදුලිය සපයන ප්‍රදේශවල පාරිභෝගිකයන්ට විදුලිය සැපයුම බිදවැටුණි. මේ පිළිබඳ පරික්ෂා කිරීමේදී සංඥා/සහයක කේබලයක දෝෂයක් නිසා සිදු වු වැරදි ලෙස පරිපථය බිඳ වැටීමක් නිරීක්ෂණය විය. ඒ බවත්, 132kV භූගත කේබලයේ දෝෂයක් නැතිබව තහවුරු කරගෙන ප.ව. 4.42 ට එම ප්‍රධාන කේබලයට විදුලිය සපයා අදාල ප්‍රදේශ සියල්ලටම විදුලිය සැපයුණි. ආරක්ෂක පද්ධතිය මෙහිදී කිසිම අවස්ථාවක මගහරවා 132kV භූගත කේබල් ක්‍රියාත්මක නොකළ බවත්, පූර්ණ ආරක්ෂක පද්ධතිය සැම විටම ක්‍රියාත්මක වූ බවත් ආරක්ෂක පද්ධතිය මගහරවා මෙම 132kV කේබලය හා පද්ධතියට නැවත විදුලිය සැපයූ බවට සමහර මාධ්‍ය පලකල වාර්තා සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත් තවදුරටත් අවධාරණය කරනු ලැබේ.
– ලංකා විදුලිබල මණ්ඩලය –